image

ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් ලබා දීමට කටයුතු කරන අප කණ්ඩායමක් ලෙස බොහෝ දේ ජයග්‍රහණය කළ හැකි බව විශ්වාස කරමු

ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් ලබා දීමට කටයුතු කරන අප කණ්ඩායමක් ලෙස බොහෝ දේ ජයග්‍රහණය කළ හැකි බව විශ්වාස කරමු

HDFC බැංකුව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු

ඔබගේ සිහින, බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් මල් ඵල ගන්වන HDFC බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු. ඔබගේ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් කැපවන අපි ඔබ බල ගැන්වීම උදෙසා සුවිශේෂී මූල්‍ය විසඳුම් සපයා දීමට කටයුතු කරමු. තිරසාර අනාගතයක් වෙනුවෙන් තමන්ගේම නිවසක්, ව්‍යාපාරයක් හෝ සුවපහසු ජීවන රටාවක් තිබිය යුතු බව අපි නිරන්තරයෙන් විශ්වාස කරමු. ඔබගේ මූල්‍ය අවශ්‍යතාවන් පහසුවෙන් සපුරා ගැනීම සඳහා අපගේ විශේෂඥ බැංකු කණ්ඩායමේ උපදෙස් හා සහයෝගය නිරන්තරයෙන් හිමිවනු ඇත.

HDFC අපි...

HDFC බැංකුවේ,අපගේ එකම සහ ප්‍රමුඛ අරමුණ වන්නේ අප කෙරෙහි විශ්වාසය තබා ඇති අපගේ ගනුදෙනුකාර භවතුන්ගේ ජීවිතනඟා සිටුවීම සහ වැඩිදියුණු කිරීමයි. දශක හතරකට ආසන්න කාලයක් අපි මෙම දැක්ම පෙරදැරිකරගනිමින් අවංකවම කැපවීසිටිමු. අපගේ මූලික අවධානය යොමුව ඇත්තේ ශ්‍රිලාන්කිකයන්ගේ   ආර්ථිකහා සමාජ පසුබිම් නොසලකා දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිටින ගනුදෙනුකරුවන්ගේ නිවාස සිහින මල්ඵලගැන්වීමත් කල්පවත්නා මූල්ය ස්ථාවරත්වයක් ළඟා කරගැනීමට නිරන්තරයෙන් ඇප කැපවීමයි. අපගේ සුවිශේෂී බැංකු අරමුණ අනුව ඉතා සැලකිලිමත්ව හඳුන්වාදී ඇති බැංකු සේවාවන් අපගේ ගනුදෙනුකාරභවතුන්ට ඔවුන්ගේ විවිධ ඉලක්ක හා සිහින සාක්ෂාත් කරගැනීමට උපකාරවනු ඇත.

  • දැක්ම

    "තිරසාර ජීවන රටාවක් සඳහා මූල්‍ය විසඳුම් සැපයීමට සහ අගය එකතු කිරීමේදී ව්‍යවසායකයින්ට සහාය වීමට කැපවී සිටිමු."

  • මෙහෙයුම

    "තිරසාර නිවාස සහ ජීවන තත්වයන් සහතික කිරීමේ ප්‍රමුඛතම මූල්‍ය සහකරු වීම."

HDFC අභිප්‍රාය

මහජනතාවට දැරිය හැකි මිලකට නිවසක් හිමි කරගැනීමට පහසුකම් සැලසීම,අත්‍යාවශ්‍ය මූල්යම සේවාසැපයීම,ධනය ඉපැයීමට,මූල්යම ස්ථාවරත්වය වැඩිදියුණුකිරීමට සහ සියලු ශ්‍රිලාන්කිකයන්ගේ  ආරථික සුබසිද්ධිය සඳහා දායක වීමට පුද්ගලයින්,පවුල් සහ ව්‍යාපාර සවිබලගැන්වීම මගින් සැමට ප්‍රතිලාභ ලබාදෙන ආර්ථික සංවර්ධනයට සහායවීම.

අපේ නායකත්වය

වාර්තා