ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ
විධායක නොවන, ස්වාධීන අධ්යක්ෂ
ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ
මහතා 2022 ජූනි 30 වන දින සිට බලපැවැත්වෙන පරිදි HDFC බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල සමාජිකයෙකු ලෙස පත් කරන ලදී.
ශ්‍රී ලංකාවේ වැවිලි හා කෘෂිකර්ම අමාත්‍යංශයේ තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා 2004 වසරේ සිට වසර දහනවයක් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවය කර ඇත. ඔහු පෞද්ගලික අංශයේ ආයතනවල උපදේශකයකු ලෙස කටයුතු කරන ඒ මහතා දැනට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙසද, ගරු උපදේශකයකු ලෙසද විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ද LAKSALA හිද සන්නාම තානාපති සහ දැනට ශ්‍රීලංකා පොලිස් ඇකඩමියේ - කටාන සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා පීඨයේ භාහිර සාමාජිකයකු ලෙස ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ලෙසද කටයුතු කරයි
තවද ඔහු 2024 ජනවාරි 01 වන දින සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ අධ්යක්ෂවරයකු ලෙස පත් කර ඇත.
තවද ඔහු 2022 ජනවාරි 10 වන දින ඉන්දියාවේ තමිල්නාඩුහි DK ජාත්‍යන්තර පර්යේෂණ පදනමේ විද්‍යාත්මක උපදේශක මණ්ඩල සාමාජිකයකු ලෙස පත් කරන ලදී.
තවද ඔහු 2022 දෙසැම්බර් 17 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂණ හා සංවර්ධන සඳහා වූ ජාත්‍යන්තර ඇමරිකානු කවුන්සිලයේ (IACRD) විධායක අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇත.
ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා ව්‍යාපාර පරිපාලනය, උපාය මාර්ගික කළමනාකරණ සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥයෙකි.
ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා කැලිෆෝනියාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති තඅර ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සෙසු සාමාජිකයෙකු වන අතර ඉන්දියාවේ ග්ලෝබල් පීස් විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ ආචාර්ය උපාධියක් සහ කාම්බෝජයේ ෂෂක් තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් උපාය මාර්ගික කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත. මීට අමතරව ඔහු එක්සත් රාජධානියේ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ වෘත්තීය සමාජිකයෙකි. තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතන සහ එක්සත් රාජධානියේ ජාතික පරිගණක මධ්‍යස්ථානයේ සාමාජිකයෙකි.