image

පහසුවෙන් ගිණුමක් විවෘත කරන්න

අපගේ සුවිශේෂී විශ්‍රාම අරමුදල වන HDFC විශ්‍රාම රැකවරණ කෘෂිකර්මයේ නියුතු ගොවි ජනතාව, ගුරු වෘත්තියේ නියුතු වූවන් සහ රාජ්‍ය නොවන කාර්මික සේවක සේවිකාවන් වැනි විවිධ ප්‍රජාවන්හි අවශ්‍යතා වෙනුවෙන් එම ප්‍රජාවන්ට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය කර ඇති විශ්‍රාම අරමුදලකි. රටපුරා විසිරුණු අපගේ ශාඛා ජාලය තුළින් සලසා ගත හැකි මෙම සුවිශේෂී මූල්‍ය සේවාව සඳහා වන විසඳුම් හා ඔබට ගැලපෙන දීමනා පහසුවෙන් ලබා ගත හැකිය.

  • ඔබේ ළඟම HDFC ශාඛාවට පිවිසෙන්න. අපගේ දක්ෂ මූල්‍ය විශේෂඥයින් ඔබගේ මූල්‍ය ඉලක්කයන් ඉහළ නංවන ආයෝජන සැලසුමක් නිර්මාණය කිරීමට ඔබට සහාය වනු ඇත.

විශේෂ කරුණු

  • ඉහළ පොලී ආදායමක් ලබා ගැනීමේ හැකියාව
  • පුළුල් පරාසයක විහිදුණු ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම
  • රු. 2000/- ක අවම මුදලකින් ආයෝජනය ආරම්භ කළ හැකි වීම
  • තමන් විසින් ආයෝජනය කළ මුදලට උපරිම ආරක්ෂාවක් සමඟින් සුරක්ෂිත ආයෝජනයක්
  • වසර 10 - 15ක ආයෝජනයක් තුළින් නිවාස ණය ලබා ගැනීමේ හැකියාව
  • පවතින ශේෂය මත 70%ක් ක්ෂණික ණයක් ලෙස කඩිනමින් ලබා ගැනීමේ අවස්ථාව
  • සමාජයේ විවිධ කණ්ඩායම් බලාපොරොත්තු වන අනාගත වෙනස්කම්වලට හැඩගැසීම සඳහා නිර්මාණය කර ඇති ඉහළ වර්ධන හැකියාවක් සහිත අනාගත ආයෝජනයක් ලෙසද මෙම විශ්‍රාම රැකවරණ ගිණුම සඳහන් කළ හැකිය.

සුදුසුකම්

  • වයස අවුරුදු 18 - 59 අතර පුද්ගලයින් සඳහා වඩාත් සුදුසු ආයෝජන සැලසුමකි.

වැඩි විස්තර සඳහා

ප්‍රවර්ධන