
විශ්‍රාම උදාන ස්ථාවර තැන්පතු
පහසුවෙන් ගිණුමක් විවෘත කරන්න
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සැහැල්ලු හා සුරක්ෂිත විශ්‍රාම ජීවිතයක් උදා කර ගැනීමේ අවස්ථාව සළසා දීම අපගේ අරමුණයි. ඔවුන් වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමයක් වන විශ්‍රාම උදාන ස්ථාවර තැන්පතුව ඔබේ ආයෝජනයන්හි ආරක්ෂාව මෙන්ම වර්ධනය සහතික කරනු ඇත.
- ළඟම ඇති HDFC ශාඛාවට පැමිණෙන්න
- අයදුම්පත්‍රයක් ලබා ගන්න
- ඔබේ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය ලබා දෙන්න
විශේෂ කරුණු
- අවම ආයෝජන මුදල - අවම රු. 25,000/- කින් ඔබේ ස්ථාවර තැන්පතුව අරඹන්න
- කාලය හා තරඟකාරී පොලී අනුපාත - ඔබට මාස 6, 12, 24, 36, 48, 60 දක්වා ස්ථාවර තැන්පතු කල් පිරීමේ කාලය තෝරා ගත හැකිය. මාසිකව, වාර්ෂිකව හෝ කල් පිරීමේදී පොලිය උපයා ගත හැකි අතර එය ඔබේ ආයෝජන කාලය අනුව තීරණය වේ.
- තැන්පතු මුදල අනුව ප්‍රතිලාභ - විශාල ප්‍රමාණයේ ආයෝජනයන් තුළින් සුවිශේෂී පොලී අනුපාත හා අමතර ප්‍රතිලාභ අත් විඳින්න
- අන්තර්ජාල බැංකුකරණ - අන්තර්ජාල බැංකුකරණ හා කෙටි පණිවිඩ සේවාව තුළින් පහසුව අත්විඳින්න
- කල් පිරීමේදී අලුත් කිරීම් - වඩා ඉහළ ප්‍රතිලාභ සමඟින් ඔබේ ආයෝජනය අඛණ්ඩව වර්ධනය වන බව තහවුරු කර ගන්න
- ස්ථාවර තැන්පතු මත ක්ෂණික ණය - ඔබේ ස්ථාවර තැන්පතුවේ වටිනාකමෙන් 60%ක් දක්වා ක්ෂණික ණයක් ලබා ගත හැකිය
- නාමිකයකු ඉදිරිපත් කිරීමේ පහසුව - ස්ථාවර තැන්පතුව සඳහා නාමිකයකු ඉදිරිපත් කිරීමේ පහසුකම
- පොලී අනුපාත - අපි ඔබගේ ස්ථාවර තැන්පතු ගිණුම සඳහා තරඟකාරී පොලී අනුපාත ලබා දෙන්නෙමු
සුදුසුකම්
අවුරුදු 60 වැඩි සෑම ජ්‍යෙෂ්ඨ පුරවැසියකුටම විශ්‍රාම උදාන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ හැකිය.