
සේවා යෝජක අර්ථ සාධක අරමුදලේ (EPF) සාමාජිකයින්ගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට HDFC ශ්‍රම උදාන ණය
ශ්‍රම උදාන ණය
සේවා යෝජක අර්ථ සාධක අරමුදලේ (EPF) සාමාජිකයින්ගේ නිවාස අවශ්‍යතා සඳහා මූල්‍ය සහයෝගය ලබා දීම වෙනුවෙන් ශ්‍රම උදාන ණය විශේෂයෙන් නිර්මාණය කර ඇත. ඔබේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට මෙන්ම ජීවන තත්වය ඉහළ නංවා ගැනීමටද ශ්‍රම උදාන ණය කදිම අවස්ථාවක් වනු ඇත.
ශ්‍රම උදාන ණය
සේවා යෝජක අර්ථ සාධක අරමුදලේ (EPF) සාමාජිකයින්ගේ නිවාස අවශ්‍යතා සඳහා මූල්‍ය සහයෝගය ලබා දීම වෙනුවෙන් ශ්‍රම උදාන ණය විශේෂයෙන් නිර්මාණය කර ඇත. ඔබේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට මෙන්ම ජීවන තත්වය ඉහළ නංවා ගැනීමටද ශ්‍රම උදාන ණය කදිම අවස්ථාවක් වනු ඇත.
ණය මුදල
- ඔබ රැකියාවක් සිදු කරන්නේ නම් හා සේවා යෝජක අර්ථ සාධක අරමුදල (EPF) සඳහා දායකත්වය දක්වන්නේ නම් ඔබේ අර්ථ සාධක අරමුදලෙන් 75%ක් දක්වා ණය ලබා ගත හැකිය.
- ඔබ දැනට සේවා යෝජක අර්ථ සාධක අරමුදල (EPF) සඳහා දායක නොවේ නම් ඔබේ සේවා යෝජක අර්ථ සාධක අරමුදලෙන් 50%ක් දක්වා ණය ලබා ගත හැකිය
ණය වාරිකය
- සුදුසුකම් ලත් ණය අයදුම්කරුවන්ගේ මාසික වැටුපෙන් 60%ක් දක්වා
- වෙනත් ණය අයදුම්කරුවන් සඳහා ආදායමෙන් ගෙවිය හැකි ප්‍රමාණය මත ණය වාරිකය තීරණය වේ
- ශ්‍රම උදාන යටතේ සේවා යෝජක අර්ථ සාධක අරමුදල ලබා ගත හැකිය.
දැන්ම අයදුම් කරන්න
- බැංකු වෙබ් අඩවියෙන් අයදුම්පත බාගත කර ළඟම ඇති බැංකු ශාඛාවට ලබා දෙන්න
- දිවයින පුරා පිහිටි අපගේ ශාඛා වෙත පැමිණෙන්න. අපගේ බැංකු කණ්ඩායම් විසින් ඔබට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරනු ඇත.
ණය ලබා ගත හැකි අවස්ථා
- නිවසක් මිලදී ගැනීම
- නිවසක් ඉදි කිරීම සඳහා ඉඩමක් මිලදී ගැනීම
- නිවසක් ඉදිකිරීම
- නිවසට අලුතින් කොටසක් එකතු කිරීම
- අඩක් නිමකළ නිවසක් සම්පූර්ණයෙන් ඉදි කිරීම
- ජල,සනීපාරක්ෂක හා විදුලිය පහසුකම් සපුරා ගැනීම
- පවතින නිවාස ණයක් පියවීම
සුදුසුකම්
- අර්ථ සාධක අරමුදලේ සුදුසුකම්ලත් සාමාජිකයකු වීම
- මේ වන විට එම අරමුදල සඳහා දායක වන හෝ නොවන ගනුදෙනුකරුවන් හට ද අයදුම් කළ හැකිය