image

පහසුවෙන් ගිණුමක් විවෘත කරන්න

ඔබ එදිනෙදා බැංකු අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් ඔබට ගැලපෙන බැංකු ගිණුමක් සොයනවාද? අදම HDFC ප්‍රතිලාභ ගිණුමක් විවෘත කරන්න. ඔබේ අවශ්‍යතාවන්ට වඩාත් ගැලපෙන හා හොඳම ප්‍රතිලාභ මෙන්ම පහසුවෙන් ගනුදෙනු කිරීමේ අවස්ථාව සලසාදෙන HDFC ප්‍රතිලාභ ඊට කදිම විසඳුම වනු ඇත.

  • ළඟම ඇති HDFC ශාඛාවට පැමිණෙන්න
  • අයදුම්පත්‍රයක් ලබා ගන්න
  • ඔබේ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය ලබා දෙන්න

විශේෂ කරුණු

  • අවම තැන්පතු මුදල - රු. 2000/-
  • ආකර්ෂණීය පොලී අනුපාත
  • විශේෂ නිවාස ණය - ඔබේ නිවසක සිහිනය සැබෑ කර ගැනීමට විශේෂ කොන්දේසි යටතේ නිවාස ණය සඳහා
  • ස්ථාවර නියෝග නොමිලේ - අරමුදල් ප්‍රේෂණය කිරීමට නොමිලේ ස්ථාවර නියෝගයක් සකස් කරගන්න
  • පහසු ණය වාරික ගෙවීම්- ඔබේ ප්‍රතිලාභ ඉතුරුම් ගිණුම හරහා මාසිකව HDFC නිවාස ණය වාරික ගෙවන්න
  • මුදල් ආපසු ගැනීම - පොලී අනුපාතයන් අඩු නොකර සීමා රහිත වාර ගණනක් මාසික මුදල් ආපසු ගැනීමේ හැකියාව
  • විද්‍යුත් බැංකුකරණ පහසුකම - ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට ඔන්ලයින් ආකාරයෙන් ගිණුම් කටයුතු සිදු කිරීමට ඉලෙක්ට්‍රොනික බැංකු සේවා පහසුකම අත් විඳින්න
  • කෙටි පණිවිඩ පහසුකම - සියලු ගිණුම්වල ගනුදෙනු පිළිබඳ කෙටි පණිවිඩ දැනුවත් කිරීම් සමඟ යාවත්කාලීන වන්න
  • පහසු බිල්පත් ගෙවීම් - U-Pay සහ I-Pay වැනි ඇප් (APP) හරහා පහසුවෙන් ඕනෑම බැංකු ගිණුමකට හෝ උපයෝගීතා බිල්පත් වෙත මුදල් යොමු කරන්න
  • ගිණුම් ප්‍රකාශන - ඔබේ ඉල්ලීම අනුව ගිණුමේ සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබා ගන්න. ගාස්තුවක් අය වේ.
  • චෙක්පත් බැර කිරීම - HDFC සඳහා නිකුත් කරන ලද ඕනෑම චෙක්පතක් ඔබේ ඉතුරුම් ගිණුමට බැර කළ හැකිය.
  • ATM කාඩ්පත සහ ඩෙබිට් පහසුකම - දිවයින පුරා පිහිටි ඕනෑම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ලබා ගනිමින් ඔබේ ගනුදෙනු සිදු කරන්න

සුදුසුකම්

අවුරුදු 18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකුට මෙම ගිණුම ආරම්භ කළ හැකිය

 

වැඩි විස්තර සඳහා

ප්‍රවර්ධන