
HDFC සැලරි සේව(ර්) - සාර්ථකත්වයේ පදනම
පහසුවෙන් ගිණුමක් විවෘත කරන්න
මාසික ආදායමකට හිමිකම් කියන ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දී ඇති සුවිශේෂී ඉතුරුම් විස`ඳුමක් වන HDFC සැලරි සේව(ර්) ඔබ මහන්සියෙන් උපයාගත් මුදල් ඉතිරිකරමින් දීප්තිමත් හෙට දවසක් උදා කර ගැනීමේ හොඳම අවස්ථාව වනු ඇත. ඒ තුළින් ලබා දෙන සුවිසල් ප්රතිලාභ දියුණුව තුළින් සාර්ථක ජීවිතයක් උදා කර ගැනීමට ඔබට සහාය වනු නිසැකය. ඔබේ මාසික වැටුප හෝ අවම වශයෙන් රු.10,000ක මුදලක් HDFC සැලරි සේව(ර්) ඉතිරි කිරීමේ ගිණුමේ තැන්පත් කර ප්රතිලාභ රැසක් අත් විඳින්න.
- ළඟම ඇති HDFC ශාඛාවට පැමිණෙන්න
- අයදුම්පත්‍රයක් ලබා ගන්න
- ඔබේ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය ලබා දෙන්න
විශේෂ කරුණු
- අවම තැන්පතු මුදල - රු. 10,000/-
- පොලී අනුපාත - සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට වඩා වැඩි පොලී අනුපාතයක් හිමි වන අතර එය වෙළෙඳපොලේ පවතින ස්ථාවර පොලී අනුපාත මත තීරණය වේ
- පොලිය දිනපතා ගණනය කර මාසිකව තැන්පත් කරනු ලබයි
- ATM කාඩ්පත - නොමිලේ නිකුත් කරනු ලබයි
- අන්තර්ජාල බැංකු පහසුකම - නොමිලේ
- කෙටි පණිවිඩ පහසුකම - සම්බන්ධතා ගාස්තුවක් නොමැත
- නිවාස ණය/ පුද්ගලික ණය/රන් ණය/ ව්‍යාපාර ණය/ලීසිං සඳහා විශේෂ පොලී අනුපාත
සුදුසුකම්
අවුරුදු 18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකුට මෙම ගිණුම ආරම්භ කළ හැකිය