
HDFC ස්මා(ර්)ට් ගෝල්ස් - ඔබේ මධ්‍ය කාලීන ඉලක්ක සපුරා ගන්න
පහසුවෙන් ගිණුමක් විවෘත කරන්න
HDFC ස්මා(ර්)ට් ගෝල්ස් යනු ඔබේ මධ්‍ය කාලීන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට හැකි වන ආකාරයෙන් නිර්මාණය කර ඇති සුවිශේෂී ඉතුරුම් යෝජනා ක්රමයකි. ඔබට අලුත් මෝටර් රථයක් මිලදී ගැනීමට, විවාහයට, දරුවන්ගේ විදේශ අධ්‍යාපනයට මෙන්ම ඔබේ සිහින සැබෑ කර ගැනීමට HDFC ස්මා(ර්)ට් ගෝල්ස් වනු ඇත.
- පහසුවෙන් ගිණුම් විවෘත කිරීම
- ළඟම ඇති HDFC ශාඛාවට පැමිණෙන්න
- අයදුම්පත්‍රය ක් ලබා ගන්න
- ඔබේ ජාතික හැඳුන්ම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය ලබා දෙන්න
විශේෂ කරුණු
- අවුරුදු 3ක අවම ඉතුරුම් කාලය - සම්පූර්ණ වසර 3ක කාලයක් ගිණුමේ මුදල් ඉතිරි කර කාල සීමාව අවසානයේ පොලිය සමඟ ඔබේ තැන්පතු ආපසු ලබා ගන්න
- පහසුවෙන් ගිණුමක් විවෘත කිරීම - රු.2000/-ක අවම තැන්පතුවකින් ගිණුම් ආරම්භ කළ හැකිය
- ඉහළ පොලී අනුපාත - තරඟකාරී පොලී අනුපාත අදාළ වේ
- නම්‍යශීලී බව හා පහසුව - ඕනෑම අවස්ථාවක ඕනෑම මුදලක් තැන්පත් කරන්න. ඔබේ ඉදිරි සැලසුම් වෙනුවෙන් වසර 3ක කාල සීමාව තුළ ඔබේ ඉලක්ක සපුරා ගැනීමට අවස්ථාව උදා වේ
- ඉතුරුම් දිරි දීමනා - පොලිය දෛනික පදනමෙන් ගණනය කර මාසිකව ඔබේ HDFC ස්මාර්ට් ගෝල්ස් ගිණුමට බැර කෙරේ
සුදුසුකම්
- වයස අවුරුදු 18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකුට මෙම ගිණුම ආරම්භ කළ හැකිය