
HDFC තිළිණ
පහසුවෙන් ගිණුමක් විවෘත කරන්න
ඔබේ දරුවාගේ මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් සැලසුමක් තිබීම ඔවුන්ගේ අනාගත දියුණුව සඳහා ඉතා වැදගත් වේ. ඒ නිසාම දරුවන් සඳහාම වන HDFC තිළිණ නමින් දරුවන් සඳහාම වන පුද්ගලික ආයෝජන ගිණුම් නිර්මාණය කිරීමට අප කටයුතු කර ඇත. HDFC තිළිණ ගිණුම සමඟින් දරුවන්ගේ මූල්‍යමය යහපැවැත්ම වෙනුවෙන් ශක්තිමත් පදනමක් සකස් කිරීමට ඔබට හැකිව උදා වේ.
- ළඟම ඇති HDFC ශාඛාවට පැමිණෙන්න
- අයදුම්පත්‍රයක් ලබා ගන්න
- සම්පූර්ණ කළ අයදුම්පත ඡායා පිටපතක් සහ දරුවාගේ මුල් උප්පැන්න සහතිකය සමඟ භාර දෙන්න
- ඔබේ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය ලබා දෙන්න
විශේෂ කරුණු
- ඉහළ පොලී අනුපාත - ඔබේ දරුවාගේ ඉතුරුම් වේගයෙන් වර්ධනය වන බව සහතික කරමින් ඉහළ පොලී අනුපාත භුක්ති විඳින්න
- නම්‍යශීලී බව - ළදරු වියේ සිට වයස අවුරුදු 18 දක්වා දරුවකු වෙනුවෙන් ගිණුමක් විවෘත කරන්න
- අවම තැන්පතුව - රු.2000/- ක අවම මූලික තැන්පතුවකින් ගිණුමක් ආරම්භ කළ හැකිය
- ආකර්ෂණීය ත්‍යාග - ගිණුමේ ශේෂය සීඝ්‍රයෙන් ඉහළ යන විට ඔබේ දරුවා ආකර්ෂණීය ත්‍යාග යෝජනා ක්‍රමයට සුදුසුකම් ලබනු ඇත. අවුරුදු 14 හෝ ඊට අඩු ගිණුම් හිමි දරුවන් මෙම යෝජනා ක්‍රමයට සුදුසුකම් ලබයි.
- නොමිලේ HDFC ගිණුම් පොත - ගිණුමක් විවෘත කිරීමත් සමඟ නොමිලේ HDFC ගිණුම් පොත ලබා ගනිමින් ඔවුන්ගේ ඉතුරුම් සඳහා වන උනන්දුව දිරිමත් කරන්න
සුදුසුකම්
- දින 1 සිට අවුරුදු 18 දක්වා දරුවන් වෙනුවෙන් දෙමව්පියන්/භාරකරුවන් හට ගිණුම් විවෘත කළ හැකිය.