පී. ඒ. ලයනල් මහතා
විධායක නොවන, ස්වාධීන අධ්යක්ෂ
ලංකා බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු වූ පී. ඒ. ලයනල් මහතා 2021 සැප්තැම්බර් මාසයේදී HDFC බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත් කරන ලදී. කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමිකර ගැනීමෙන් පසු කළමනාකාර අභ්‍යාස ලාභියකු ලෙස බැංකුවට එක් වූ ඒ මහතා බැංකු හා මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් වසර 41කට අධික පළපුරුද්දක් සහිත වෘත්තිකයෙකි. ලංකා බැංකුවේ භාණ්ඩාගාර, ආයෝජන සහ ජාත්‍යන්තර මෙහෙයුම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මානව සම්පත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ආයෝජන බැංකුකරණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී යන තනතුරු දරා ඇත. 2011 වසරේ සිට 2014 වසර දක්වා බැංකුවේ ලංකා ආයෝජන කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලැබීය.
ලන්ඩනයේ භාණ්ඩාගාර කළමනාකරණය සහ විදේශ විනිමය ගනුදෙනු පිළිබඳ සුවිශේෂී පුහුණුවක් හා සුවිසල් අත්දැකීමක් ලැබූ ඒ මහතා 1998 සහ 2001 වසරයන්හිදී ලංකා බැංකුවේ කරච්චි භාණ්ඩාගාරයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබීය. වසර 10ක් ණය කමිටුවේ සහ වත්කම් සහ වගකීම් කළමනාකරණ කමිටුවේ සාමාජිකයකු වූ ලයනල් මහතා දේශසීමා හරහා අරමුදල් සැපයීම හා පාරිභෝගිකයින්ට ගැලපෙන මූල්‍ය උපකරණ අලෙවිය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇත්තෙකි. රජයේ සුරැකුම්පත්හි ප්‍රාථමික හා ද්විතියික වෙළෙඳපොල පිළිබඳ 20 වසරක පළපුරුද්දක් සහිත ඒ මහතා ලංකා බැංකුවේ ප්‍රාථමික අලෙවි නියෝජිත ඒකකයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසද කටයුතු කරනු ලැබීය.
ලංකා බැංකුවේ භාණ්ඩාගාර කඩඉම් රැසක් අත්කර ගැනීමට සමත් වූ ලයනල් මහතාගේ නායකත්වය යටතේ 2012 සහ 2013 වසරයන්හිදී ඇ.ඩො.මි. 500ක බැඳුම්කර දෙකක් නිකුත් කළ අතර එය ශ්‍රී ලංකාවේ බැංකුවක් විසින් සිදුකරන ලද පළමු විශාලතම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව ලෙසද සඳහන් කළ හැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇ.ඩො. ණයකර සහ රජයේ ආයතනයක් (නාගරික සංවර්ධන අධිකාරිය) සඳහා වූ විශාලතම ණයකර නිකුතුවද ඒ මහතා විසින් සැලසුම් කරන ලදී. එම කාල සීමාවේදී ශ්‍රී ලංකාවට විදේශ අරමුදල් රැස්කිරීම සඳහා විදේශ බැංකු කිහිපයක් සමඟ විශාල විදේශ මුදල් ඒකාබද්ධ ණය කිහිපයක් ව්‍යුහගත කිරීමටද ඒ මහතා කටයුතු කළේය.
ලංකා බැංකුවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව 2015 වසරේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ආයතනික කළමනාකාරීත්වය සමඟ එක් වූ ඒ මහතා වසර 3ක කාලයක් භාණ්ඩාගාර සහ වත්කම් කළමනාකරණ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලදී. ලයනල් මහතාගේ මඟ පෙන්වීම යටතේ විදේශ විනිමය වෙළෙඳපොල තුළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ භාණ්ඩාගාර හා විදේශ විනිමය කටයුතු ස්ථාපිත කිරීමද සිදු කරන ලදී.
ඔහු වසර හයක් පමණ විධායක නොවන අධ්යක්ෂවරයකු වශයෙන් ලංකා හොස්පිටල් පෞද්ගලික සමාගම සහ ලංකා ඩයග්නොස්ටික් යන සමාගම්වල අධ්යක්ෂ මණ්ඩලයේ කටයුතු කර ඇත. තවද සී බැන්ක් යුනිට් ට්‍රස්ට්, ලංකා සිකියුරිටීස් ලිමිටඩ්, දේපල සංවර්ධන සමාගම, කොලොන්දෙණිය ජල විදුලි ව්‍යාපෘතියේ අධ්යක්ෂවරයකු ද විය. ඒ මහතා 2010 සිට 2015 දක්වා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාලන සාමාජිකයෙක්ද විය. ඔහු 2013 සිට 2015 දක්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කැබිනට් මණ්ඩලයේ පත් කළ ප්‍රසම්පාදන කමිටිුවේ සාමාජිකයෙක්ද විය.