ඩබ්. එම්. ආනන්ද මහතා
විධායක නොවන, ස්වාධීන අධ්යක්ෂ
2021 පෙබරවාරි මස සිට බලපැවැත්වෙන පරිදි HDFC බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත් කරනු ලැබූ ඩබ්. එම්. ආනන්ද මහතා විශේෂ ශ්‍රේණියේ රාජ්‍ය පරිපාලන නිලධාරියකු මෙන්ම ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ නිවාස හා සංවර්ධන අතිරේක ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහකාර ආයතන අධ්යක්ෂවරයකු ලෙස 1988 වසරේදී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ආනන්ද මහතා මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගෙකෝරලේ සහ දොලුව සහකාර ප්‍රාදේශීය ලේකම් ඇතුලු තනතුරු රැසක් දරනු ලැබීය. මධ්‍යම පළාත් සභාවෙහි කටයුතු කරමින් මධ්‍යම පළාත් සහකාර ලේකම් සහ සමූපකාර කොමසාරිස් ලෙස කටයුතු කළ ඒ මහතා ඉන් අනතුරුව මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි විල්ගමුව සහ පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් ධූරය දැරූ ඒ මහතා පසුව ඌව පළාත් සභාවේ ලේකම්වරයා ලෙසද කටයුතු කරනු ලැබීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක්ද, එම විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ අධ්‍යයන පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද හිමිකර ගෙන ඇති ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියකටද හිමිකම් කියයි.