
HDFC තිලිණ රැකවරණ - දරුවන්ගේ ආයෝජන සැලසුම
පහසුවෙන් ගිණුමක් විවෘත කරන්න
ඉතා අභියෝගාත්මක කාලයන්හිදී වුව ඔබේ දරුවාට මූල්‍ය ආරක්ෂාවක් සහතික කිරීමට අපි කටයුතු කරමු. ඔබේ ආදරණී දරුවාගේ මූල්‍ය සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මූල්‍ය තිලිණ රැකවරණ ළමා ආයෝජන සැලසුම අපි ඔබ වෙත ගෙන එන්නෙමු.
- ළඟම ඇති HDFC ශාඛාවට පැමිණෙන්න
- අයදුම්පත්‍රයක් ලබා ගන්න
- සම්පූර්ණ කළ අයදුම්පත්‍රය ඡායා පිටපතක් සහ දරුවාගේ මුල් උප්පැන්න සහතිකය සමඟ භාර දෙන්න
- ඔබේ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය ලබා දෙන්න
විශේෂ කරුණු
- සහතික කළ මුදල - එක් වරක් සිදු කරන තනි තැන්පතුවක් තුළින් පොලී අනුපාත වෙනස් වීමකින් තොරව වයස අවුරුදු 18 ළඟා වන විට සහතික කළ මුදල සඳහන් කරමින් ඔබේ දරුවාට හිමිකම් සහතිකයක් හිමිවනු ඇත.
- කල් පිරීමේ සහතිකය - ඔබේ දරුවාට හිමිවන සහතික වටිනාකම පිළිබඳ ලිපි ලේඛන සමඟ ගිණුම් විවෘත කිරීමේදී කල් පිරිමේ සහතිකයක් නිකුත් කරනු ලබයි
- නම්‍යශීලී තැන්පතු අවස්ථා - ඔබේ කැමැත්ත හා මූල්‍ය හැකියාවන් මත තැන්පතු මුදල තෝරා ගත හැකි අතර තැන්පතු වටිනාකම, කාලය හා දරුවාගේ වයස මත සහතික කළ මුදල තීරණය වේ
සුදුසුකම්
දින 1 සිට අවුරුදු 12 දක්වා දරුවන් වෙනුවෙන් දෙමව්පියන්/භාරකරුවන් හට ගිණුම් විවෘත කළ හැකිය.